සව්කොල කෝටු අරගෙන සරුංගල් හදන පුංචි උන් වගේ දෙමව්පියොත් බොහොම සීරු මාරුවට විසිතුරුවට දරු පැටව් හදනවා. ඒ හිත් වලට ඕනෙ තමුන්ගෙ දරු පැටවු මේ සමාජෙ ඉහළම තැනට යවන්න හරියට තමුන්ගෙ සරුංගලේ වැඩිපුරම උඩ යවන්ට පොරකන පුංචි උන් වගේ. අහසෙ සැඩ සුළඟ වගේ මේ සමාජෙත් බොහොම සැඩයි චන්ඩයි. නූල බිඳගන්නැතිව මේ අහසෙ සැරිසරන එක සැහැල්ලුවට හැදුණු සරංගලයකට හරි අමාරුයි. ඉතිං මේ දිගහැරෙන්නෙ පාට සරුංගලයක ජීවිත අවකාශය..